Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2022 22:17:31 Hours

කේරල ගංජා කිලෝග්‍රෑම් 3.8 ක් අත්අඩංගුවට

54 වන සේනාංකයේ බුද්ධි අංශ භටපිරිස් සහ මුර සංචාරයේ යෙදී සිටි භටපිරිස් එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින මන්නාරම, කීරි ගම්මානයේ ලඳු කැලෑවක සඟවා තිබු කේරල ගංජා කිලෝග්‍රෑම් 3.8 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්ඩංගුවට ගත් රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් කේරල ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.