Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2022 06:00:16 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් පනිච්චන්කේනී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වලට වියලි සලාක පාර්සල්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් සිය බලප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මඩකලපුව, පනිච්චන්කේනී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල් 20 ක් ඉකුත් සඳුදා (17) දින බෙදාදීමට කටයුතු කරන ලදී. ඒ අනුව, මෙලෙස බෙදාදුන් එක් වියලි සලාක පාර්සලයක වටිනාකම රුපියල් 6,000/= ක් පමණ වේ.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ විසින් කරන ලද ඉල්ලීමක අනුව කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන සුරේෂ් මහතා විසින් මේ සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

එම අවස්ථාවට 233 වන බලසේනාවේ බලසේනාධිපති, සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රතිලාභින් සහභාගි වුහ.