24th January 2022 07:00:16 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන තවත් එක් ව්‍යාපෘතියක් ලෙස මාතර දිස්ත්‍රික්කයේ මැදිරිපිටිය සිට දොඹගොඩ දක්වා කිලෝමීටර් 1.73 ක දිගින් යුත් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු 5 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.
අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා කිලෝමීටර් 100,000 කින් යුත් මාර්ග පද්ධතියක් ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් මාර්ග අලුත්වැඩියාව, පුළුල් කිරීම සහ කාපට් ඇතිරීම වැනි කටයුතුවල මේ වන විට නිරතව සිටිති.
මෙම මාර්ග සංවර්ධන කටයුතු ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන ලබාදුන් උපදෙස් හා මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉහල ප්‍රමිතියකින් යුතුව සිදුකරනු ලබයි.