Header

Sri Lanka Army

Defender of the Nation

23rd January 2022 07:23:52 Hours

දිවයින පුරා ක්‍රියාත්මක ජාතික එන්නත්කරණ වැඩසටහනට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස්වල අඛණ්ඩ දායකත්වය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා ‘Pfizer booster’ එන්නත ලබාදෙමින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික එන්නත්කරණ වැඩසටහනට සිය අඛණ්ඩ දායකත්වය දක්වයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම ජාතික එන්නත්කරණ වැඩසටහන සඳහා සක්‍රීයව සිය දායකත්වය දක්වමින් සිටිති.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත 1 වන බලකායේ බලකාධිපති ඇතුළු ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් හය දෙනෙකුගේ අධීක්‍ෂණය යටතේ මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරනු ලැබේ.

එන්නත්කරණ ක්‍රියාවලිය එන්නත් මධ්‍යස්ථාන තුළ සහ ජංගම එන්නත්කරණය මගින් සිදුකරනු ලබන අතර, මෙහිදි දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ විවිධ ආබාධවලට ලක්ව සිටින පුද්ගලයින් සඳහා විශේෂ සැලකිල්ලක් දක්වනු ලබයි.