Header

Sri Lanka Army

Defender of the Nation

23rd January 2022 07:19:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය එක්ව එම රෙජිමේන්තුවේ භටපිරිස්වල පවුල්වල සහ සිවිල් කාර්ය මණ්ඩයේ පවුල්වල ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් 1,900,000.00 ක් පමණ වටිනා පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය සහ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිණි එරංගා හේවාවසම් මහත්මියගේ මුලිකත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

දිවංගත කර්නල් එෆ්.එස්. කස්තුරිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිහිපත් කරමින් පිං පැමිණවීමේ අරමුණින් එතුමන්ගේ ඥාතීන් දෙපලක් වන කස්තුරිආරච්චි මහතා සහ කස්තුරිආරච්චි මහත්මිය විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා අනුග්‍රහකත්වය දක්වන ලදී. තවද මෙම වැඩසටහන සඳහා ‘Atlas Axillia (Pvt) Ltd’ සහ ‘St Anials Lions Club’ සිය දායකත්වය දක්වන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්‍ෂ වැටුප් හා ලේඛණ බ්‍රිගේඩියර් එච්.ඒ.පී.පී.කේ හේවාවසම්, මධ්‍යස්ථාන සේනාවිධායක, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ පරිත්‍යාගශීලීන්ගේ නියෝජිත පිරිසක් සහභාගි වූහ.