Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2022 09:11:35 Hours

143 බලසේනාවේ භටපිරිස් පුත්තලම දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් සඳහා පාසල් උපකරණ බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකය යටතේ ඇති 143 වන බලසේනා මූලස්ථානයේ භටපිරිස් විසින් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිසු සිසුවියන්ට පාසල් උපාංග, නිල ඇඳුම් සහ පාවහන් තොගයක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන පුත්තලම සාරිපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ දී පසුගිය දෙසැම්බර් 21 දින පාසල් හා කලාප අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රියාවට නැංවිණි.

143 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ෆවුමි කිචිලන් ගේ ඉල්ලීමකට අනුව බංගලාදේශයේ වෙසෙන තිෂාන් රඹුක්වැල්ල, දිස්නි රඹුක්වැල්ල, ආර්.බී. රඹුක්වැල්ල, ප්‍රියන්ති රඹුක්වැල්ල සහ මාලි පෙරේරා යන මහත්ම මහත්මීහු එක්ව එම උපාංගවල පිරිවැය සඳහා අනුග්‍රහය දැක්වූහ. 

පරිත්‍යාග උත්සව අවස්ථාව සඳහා පුත්තලම සාරිපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් එක්ව සිටියහ.