Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2022 08:11:35 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාවක් ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් අඟහරුවාදා (18) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරම්භ කරන ලද විශේෂ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වූහ. 

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ මඟපෙන්වීම මත උතුරේ භටපිරිස් අතර ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව මසක කාලයක් පුරාවට පැවැත්වීමට සැලසුම් කරන ලදී. 

මෙම පාඨමාලාවේ පළමු අදියරේ සමාරම්භක උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ශෂික පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.