Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2022 19:27:40 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණියගේ ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සිසු දරු දැරියන්වෙත ත්‍යාග පිරිනමයි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සහ සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල දූ පුතුන් සඳහා වාර්ෂික පාසල් උපාංග බෙදාදීමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින බත්තරමුල්ල ‘සුහුරුපාය’ සංකීර්ණයේදී පවත්වන ලදී. 

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී උපේන්ද්‍රා ළමාහේවගේ විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජීවා නෙල්සන් මැතිණිය සහභාගී විය. 

මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකවල සභාපතිනියන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගී වූ අතර, එහිදි සිසු සිසුවියන් වෙත පාසල් පොත්, අභ්‍යාස පොත් සහ අමතර උපාංග බෙදාදුන් අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසු සිසුවියන් සඳහා ලැප්ටොප් පරිගණක ද ප්‍රදානය කරන ලදී.  

එහිදි එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ සුජීව‍ා නෙල්සන් මැතිණිය නාවික හා ගුවන් හමුදා සේවා වනිතා ඒකකවල සභාපතිනියන් සමග එක්ව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පවුල්වල සිසු සිසුවියන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී. 

මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික), සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිණි උපේන්ද්‍රා ළමාහේවගේ මැතිණිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් සුමේධ බාලසූරිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමිත ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.