Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2022 12:07:00 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් ඉරිදා (16) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනැමුවේය.

ඉන් අනතුරුව, එතුමන් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුද කළේය. ඉන්පසුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත පුදකළහ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් විකුම් ලියනගේ සිය රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.