Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2022 09:30:53 Hours

59 වන සේනාංක මූලස්ථානයේදී සුනාමි ආපදාවේ අත්දැකීම් පිළිබඳ නැවත ආවර්ජනයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයේ දී සුනාමි ව්‍යසනයකින් ඇතිවන ස්වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයන් අවම කරගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් පසුගිය සිකුරාදා (7) දින පැවැත්විණි.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී සූරියබණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරා, 592 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ආරච්චිගේ, 59 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් එස්.පී මලවරගේ, 59 වන සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් වයි.සී.ඩී.පී. පියසේන, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඩී. කේ. කලුවාදේව, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එන්.ටී.එස්. නාල්ලපෙරුම, 19 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් යූ.ජේ.එස්. සරච්චන්ද්‍ර සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්.පී. හෙට්ටිආරච්චි ද එක්වූහ.

මෙම සම්මන්ත්‍රණයේදී, පසුගිය සුනාමි ව්‍යසනය හේතුවෙන් ඇති වූ අභියෝග, ගැටලු සහ ඒ සඳහා ගනු ලැබූ විසඳුම් පිළිබඳ සාකච්ඡා කළ අතර අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවන් සඳහා ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.