17th January 2022 06:30:53 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ නිවස හදිසි ගින්නකින් විනාශ වීම හේතුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණියගේ අනුග්‍රාහකත්වය හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත පසුගියදා එම කොමිෂන් නොලත් නිලධාරියා වෙත නව නිවසක් ඉදිකරදෙන ලදී.
බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි එම කොමිෂන් නොලත් නිලධාරියා වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉදිකල නව නිවස පසුගිය බදාදා (05) දින නිවාසලාභියා වෙත පවරා දුන්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලබාදුන් උපදෙස් හා 12 වන සේනාංකයේ සේනාංකාධිපති, 121 වන බලසේනාවේ බලසේනාධිපති සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ගේ අධීක්‍ෂණය මත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
නව නිවස නිවාසලාභියා වෙත පවරාදීමේ අවස්ථාව සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.යූ.එම්. සේරසිංහ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.