17th January 2022 06:00:53 Hours
1 වන බලකා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 581 වන බලසේනාවේ භටපිරිස් සිය මූල්‍යමය දායකත්වය ලබාදෙමින් කොටගල ක්‍රිස්ලර් ෆාම් දමිළ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (4) දින දියත් කරන ලදී.
එම පාසල් සිසු සිසුවියන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා දෙමාපියන් සතු අපහසුතා සැලකිල්ලට ගනිමින් 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිලංග ප්‍රනාන්දු ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. මෙම වැඩසටහන සඳහා සහභාගි වූ සියලු දෙනාට තේපැන් සංග්‍රහයක් ද පිරිනැමිණි.
මෙම අවස්ථාවට 581 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ.