17th January 2022 08:00:53 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ භටපිරිස් ‘සෙවණක් වෙමු’ පදනමේ මූල්‍ය අනුග්‍රහකත්වය මත කටාන ප්‍රදේශයේ පිහිටි 6 වන පාවුල් පාප් විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන් 45 දෙනෙකුගේ අධ්‍යාපන ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔවුන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු එම සිසු සිසුවියන් නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කළ බැවින් ඔවුන් වෙත පාසල් බෑග් සහ පොත් වලින් සමන්විත මෙම පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
මෙම වැඩසටහන සඳහා 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්, ‘සෙවණක් වෙමු’ පදනමේ ලේකම් වින්දනී සරප් මහත්මිය සහ සෙසු නිලයින් කිහිපදෙනෙකු ද එක්වූහ.