17th January 2022 07:00:53 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින ක්‍රියාත්මක කරන ලදි. මෙම වැඩසටහන සඳහා එම පාසලේ සිසු සිසුවියන් සහ දෙමව්පියන් ද භටපිරිස් වෙත සිය සහයෝගය ලබාදුන්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් උෂාන් ගුණවර්ධන භටපිරිස් මෙහෙයවමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරන ලදී.