17th January 2022 07:30:53 Hours
ඉංජිනේරු සේවා බලකායේ 72 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලකායට සහ භටපිරිස් වෙත ආශිර්වාද එක්කරමින් ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.
ඒ අනුව, එම බලකායේ සංවත්සර දිනය වෙනුවෙන් හංවැල්ල ජුම්මා මස්ජිඩ් පල්ලිය, වැල්ලවත්ත මයුරපති හින්දු කෝවිල සහ පන්නිපිටිය ක්‍රිස්තියානි දේවස්ථානයේදී යාඥාවන් පවත්වන ලදී. ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වමින් එම බලකායේ සාමාජිකයින්ට ආශිර්වාද එක්කළ අතර යුද්ධයෙන් දිවිපිදූ එම බලකායේ වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.එම්.එස්. කුමාර, මධ්‍යස්ථාන සේනාවිධායක සහ එම බලකායේ සාමාජිකයින් කිහිපදෙනෙකු සහභාගී වූහ.
ඉංජිනේරු සේවා බලකායේ සංවත්සර දිනයේදී (ජනවාරි 6) යුද්ධයෙන් දිවිපිදූ එම බලකායේ විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එම්.එස්. කුමාර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. ඉන් අනතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද එක්වූවේය.