Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2022 09:00:53 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත පාසල් පාවහන් බෙදාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනාව යටතේ ස්ථානගත 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (8) දින සිය බලප්‍රදේශයේ පිහිටි පාසල් 7 ක ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත මුලතිව් පිහිටි විද්‍යානන්ද විද්‍යාල පරිශ්‍රයට ආරාධනා කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත පාසල් පාවහන් පරිත්‍යාග කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉල්ලීමකට අනුව ‘Ambitions Holdings Private Limited’ සමාගම වෙතින් මෙම වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වීය. මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා අනුග්‍රාහක භවතුන්, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සමඟින් 59 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 591 හා 592 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා අදාළ පාසල් 7 හි විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ සිසු සිසුවියන්, දෙමව්පියන්, වැඩසටහන සංවිධානය කළ නිලධාරින් සහ සෙසුනිලයින් ද එක්ව සිටියහ.