17th January 2022 08:30:53 Hours
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය සඳුදා (10) දින කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුර, සේනාංකාධිපතිතුමන් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ අවශ්‍යතා සහ ගැටළු පිළිබඳ ඔවුන්ගෙන් විමසා සිටි අතර සිය ආදරණීයන්ගේ සුවදුක් විමසීමට ද කටයුතු කරන ලදී.
මෙම අවස්ථාවේදී Ceat Kelani Holdings සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ රවී ඩඩ්ලානි මහතාගේ අනුග්‍රාහකත්වය මත එම රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් ද බෙදාදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 613 වන බලසේනාවේ බලසේනාධිපති සහ 61 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.