Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2022 09:58:55 Hours

ආධුනික ස්කොෂ් තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා හා පිරිමි කණ්ඩායම් හිමිකරගනී

ජාතික ජ්‍යෙෂ්ඨ ස්කොෂ් තරඟාවලිය සහ වෘත්තීය ස්කොෂ් සංගමයේ සංවිධානය කරන ලද ස්කොෂ් තරඟාවලිය ජනවාරි මස 6 දින සිට 9 දින දක්වා සිංහල ක්‍රීඩා සමාජ ස්කොෂ් පිටියේදී පැවැත්විණි.

එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජයග්‍රහණ ලබාගැනීමට පහත සඳහා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත් වූහ.

වයස අවුරුදු 35 ට වැඩි ශූරතාවය

4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඩී.ඒ.එම්.ආර්. දිසානායක

Plate ඉසව්ව - ශූරතාවය

14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එස්.එල්.කේ. ඒකනායක

වයස අවුරුදු 50 ට වැඩි අනුශූරතාවය

කර්නල් ධම්මික තිලකරත්න

ආධුනික පිරිමි

6 වන ගැමුණු හේවා බලකාවේ ලාන්ස් කෝප්‍රල් ජී. සී.බී. ජයසිංහ (ශූරතාවය)

17 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ජී.ඒ.එස්. සඳරුවන් (අනුශූරතාවය)

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සාමාන්‍ය සෙබල ජී.ඩී.පී. බණ්ඩාර (තෙවන ස්ථානය)

ආධුනික කාන්තා

11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් එන්.පී.ජී.ටී. ප්‍රියවංශ (ශූරතාවය)

6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් බී.එම්.එම්. පෙරේරා (අනුශූරතාවය)

11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් බී.ඩී.ආර්. ප්‍රබෝධා (තෙවන ස්ථානය)