Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2022 10:18:18 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන් 35 දෙනෙකුට පාසල් උපකරණ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනාවේ භටපිරිස් ඉසුර වික්‍රමාරච්චි පදනමේ ‘හදවතින්ම දරුවන්ට’ ව්‍යාපෘතියේ අනුග්‍රහකත්වය මත කායක්කුලි ප්‍රාථමික විද්‍යාලයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 35 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 09 දින එම පාසල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

එම පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරත අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට සහ සිවිල් ජනතාව හා යුද්ධ හමුදා සාමාජිකයින් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට 542 වන බලසේනාවේ බලසේනාධිපති, 542 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පරිත්‍යාගශීලි ඉසුර වික්‍රමආරච්චි මහතා ඇතුළු එම පදනමේ නිලධාරින්, විද්‍යාලයේ විදුහල්පති, විද්‍යාලීය කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ පාසල් සිසු සිසුවියන්ගේ දෙමවුපියන් ද සහභාගි වූහ.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලදී.