Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2022 10:10:46 Hours

1 වන බලකා මූලස්ථානය මඟින් ‘ධනාත්මක චින්තනයේ ආකල්ප’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ උපදෙස් මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ‘ධනාත්මක චින්තනයේ ආකල්ප’ පිළිබඳව යුද්ධ හමුදා රියදුරන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 08 දින ක්‍රියාත්මක කරන ලදී.

යුද්ධ හමුදා රියදුරන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම සඳහා ධනාත්මක චින්තනයේ ආකල්ප සහ රටා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරමින් ලුතිතන් කර්නල් රජී ජුමාර් එක්විය.

මෙම වැඩසටහන සඳහා 1 වන බලකා මූලස්ථානය, 57 හා 66 වන සේනාංක සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් නියෝජනය කරමින් සෙසුනිලයන් 31 දෙනෙකු සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකු සහභාගී වූහ.

මෙම වැඩසටහනේදී මාර්ග අනතුරු වළක්වා ගැනීම, මහමාර්ග තුළ විනය පවත්වාගැනීම, මාර්ග සංඥා භාවිතය සහ විනීතව රිය පැදවීමේ පුරුදු පිළිබඳ දැනුවත් කරන ලදී. මීට අමතරව, තම රාජකාරීන් උනන්දුවෙන් ඉටු කරන ආකාරය සහ සිය කාර්යභාරයේ වටිනාකම පිළිබඳව ද මෙහිදී සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් දැනුවත් කරන ලදී.

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම වැඩසටහන සහභාගිවූවන්ගේ ඇගයීමට ලක්වූහ.