13th January 2022 21:05:39 Hours
මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ උපදෙස් මත 543 වන බලසේනාවේ භටපිරිස් විසින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව 2022 ජනවාරි මස 4 දින සිට 8 දින දක්වා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම ව්‍යාපෘතිය මන්නාරම, පල්ලිමුනෙයි වෙරළ තීරය සහ පේසාලෙයි දුම්රිය ස්ථානය හා ඒ අවට ප්‍රදේශය ආවරණය කරමින් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා 54 වන සේනාංකයේ හා 543 වන බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරින්, මන්නාරම වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඇතුලු සෞඛ්‍ය බලධාරින්, පොලිස් නිලධාරින් සහ සිවිල් වැසියන් ද එක්වූහ.