13th January 2022 21:18:39 Hours
නැගෙනහිර පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන නිහාල් උඩුගම සූරියගේ මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් වැලිකන්ද, කන්දකාඩු ප්‍රදේශයේ වෙසෙන තවත් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය අඟහරුවාදා (11) දින මුල්ගල් තැබීය.
23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ගේ සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හී තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය යොදාගනිමින් මෙම නව නිවස ඉදිකිරීමට නියමිතව ඇත.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන නිහාල් උඩුගම සූරියගේ මහතාගේ අනුග්‍රාහකත්වය මත මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.
සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ මධ්‍යයේ පැවති මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි කර්නල් උෂාන් ගුණවර්ධන, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් දිනේෂ් වනිගසේකර ඇතුලු නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම නිවාසලාභී පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.