Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2022 17:00:56 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකය මගින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල දරු දැරියන්ට ශිෂ්‍යත්ව, වෛද්‍ය උපකරණ, ටැබ්ලට් පරිගණක සහ පොත් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 04 දින මට්ටක්කුලි ප්‍රදේශයේ පිහිටි රොක්හවුස් කඳවුරේදී පවත්වන ලදී.

මෙම උත්සවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය හර්ෂනී බෝතොට මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තවද, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගී වූහ.

මෙම අවස්ථාවට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් අ.පො.ස සා/පෙළ (2019) සහ අ.පො.ස උ/පෙළ (2019) විභාගවලින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ පාසල් සිසුන් දෙදෙනකුගේ උසස් අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව දෙකක් පිරිනමන ලදී.

තවද, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සම්පත් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ද වාස් ගුණසේකර මහතා විසින් දැක්වූ අනුග්‍රාහකත්වය මත අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කෝප්‍රල්වරයෙකුගේ දියණියකට ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී.