Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2022 18:00:56 Hours

ඩෙංගු මර්ධනය සඳහා ව්‍යාපෘති දියත් කෙරේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් ඩෙංගු වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉකුත් සෙනසුරාදා (8) දින විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.

වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ඩෙංගු වෛරසය ආසාදිත රෝගීන්ගේ යම්කිසි වර්ධනයක් ඇති බව සෞඛ්‍ය බලධාරින් විසින් වාර්තා කිරීමත් සමඟ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ලබාදුන් උපදෙස් මත එම බලප්‍රදේශයේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක වෙතින් ඩෙංගු මර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.

මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘති සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරින්, රාජ්‍ය නිලධාරීන් සහ සුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 105 දෙනෙකු මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් 900 ට අධික පිරිසක් එක්ව සිටියහ.

මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘති සාර්ථකව දියත් කිරීම සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් සක්‍රීයව සිය දායකත්වය දැක්වූහ.