Header

Sri Lanka Army

Defender of the Nation

07th January 2022 13:00:22 Hours

කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායට වසරක් ​සපිරේ

අම්බලන්ගොඩ කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් ප්‍රවර්ධනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ පළමු සංවත්සරය ඉකුත් අඟහරුවාදා (4) දින සමරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා මූලස්ථානයේදී ජනවාරි මස 3 සහ 4 යන දෙදින තුළ පැවති සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර සහභාගී විය.

සංවත්සර දින උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, රෙජිමේන්තු මූලස්ථානය වෙත පිවිසීම සඳහා අභිනවයෙන් ඉදිකරන ලද මාර්ගය ප්‍රධාන ආරාධිත අමුත්තාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ කර්නල් සේනාවිධායක හරිතකරණය සඳහා රජය ගෙනයන වැඩසටහනට දක්වන දායකත්වය අගය කළේය. ඉන් අනතුරුව, සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ කර්නල් සේනාවිධායකතුමන් රෙජිමේන්තුවේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට ද එක්විය.

තවද, එම අවස්ථාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රටේ කෘෂිකාර්මික අංශය වැඩිදියුණු කිරීම සඳහා නිරන්තරයෙන් සිදුකරනු ලබන කැපකිරීම ද සිහිපත් කළේය.

එසේම, සංවත්සර දිනයට ආශිර්වාද එක් කරමින් පැවති බෝධි පූජා පිංකමකට ද කර්නල් සේනාවිධායකතුමන් සහභාගි විය. තවද, මෙම අවස්ථාවට සමගාමීව සිදුකරනු ලැබූ වරුසවිතාන වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන්ට දිවා ආහාරවේලක් පිරිනැමීමේ අවස්ථාවට ද කර්නල් සේනාවිධායකතුමන් එක්වූවේය.