Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2022 06:30:44 Hours

පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ආරක්‍ෂක සේනා ආඥාපතිගේ නිරික්‍ෂණයට

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යාපනය අර්ධද්වීපයේ ‘හරිත කෘෂිකර්මය’ ප්‍රවර්ධනය කිරිම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලිමේ අරමුණින් ඉකුත් සෙනසුරාදා (08) දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.

ප්‍රථමයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය විසින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානය නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පසුව අර්ධද්වීපයේ කාබනික පොහොර නිෂ්පාදනය කරනු ලබන අනෙකුත් ස්ථාන වෙත ගොස් එම ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කළේය. මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් සසික පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වුහ.