07th January 2022 16:00:22 Hours
එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ මූල්‍යමය දායකත්වය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් ඉකුත් සඳුදා (3) දින කොළඹතුරේ, වැල්වැටිතුරේ සහ අරාලි - කොඩික්කාඩු යන ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි සලාක පාර්සල් 100 ක් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී.
එම ප්‍රදේශවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ජනතාවගේ ජීවන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය ලබාදීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සම්බන්ධීකරණයෙන් එක්සත් ජනපදයේ වෙසෙන වෛද්‍ය සුකුමාර් සහ ඈන් නාගේන්ද්‍රන් මහත්මිය කටයුතු කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 යන සේනාංක යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව, 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 12 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් යුද්ධ හමුදා රථ උපයෝගි කරගනිමින් එම වියලි සලාක පාර්සල් ප්‍රතිලාභි පුද්ගලයින්ගේ නිවෙස් වෙත ලබාදීමට කටයුතු කරන ලදී. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ උපදෙස් අනුව ක්‍රියාවට නැංවිණි.
ඒ අනුව, 51, 52 සහ 55 යන සේනාංකවල සේනාංකාධිපතිවරුන්ගේ මඟපෙන්වීම මත එම සේනාංකවල භටපිරිස් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී.