Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2022 06:00:44 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් ගංජා හේනක් වටලයි

බුද්ධි අංශ වෙතින් ලද තොරතුරකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (06) දින තණමල්විල වැටහෙරියාකන්ද ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වටලා එම ගංජා තොගය විනාශ කිරීමට කටයුතු කරන ලදී.  

කැලෑබද ප්‍රදේශයේ අක්කර 1/2 ක පමණ භූමි ප්‍රමාණයක රහසිගතව වගාකරන ලද රුපියල් ලක්‍ෂ 03 ක පමණ වටිනාකමකින් යුත් මෙම ගංජා හේනේ වැටලීම සිදුකිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් ගංජා තොගය විනාශ කරන ලදී.

121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.යූ.එන්. සේරසිංහ ගේ උපදෙස් මත 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි එම ඒකකයේ භටපිරිස් සමඟ එක්ව මෙම නීතිවිරෝධී ලෙස වගාකර තිබූ ගංජා තොගය විනාශ කිරීමට කටයුතු කළහ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාන්විතයට සමගාමීව දියත් කරනු ලබන මෙහෙයුම් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ නිරීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි.