11th January 2022 05:30:44 Hours
රාජගිරිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ තරුණ සංවිධානයේ ඉල්ලීමකට අනුව, 144 වන බලසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (08) දින නාරාහෙන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කළහ.
වෛද්‍යවරුන්, හෙදියන් සහ පරිපූරක වෛද්‍යවරුන් ඇතුළු මධ්‍යම රුධිර බැංකුවේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.