09th January 2022 12:30:35 Hours
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඉකුත් සිකුරාදා (07) දින ඓතිහාසික නාගදීප විහාරය වැඳ පුදාගෙන නාගදීප විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය නවදගල පදුමකිත්තිතිස්ස හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සමඟ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්රමසිංහ, ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බ්රිගේඩියර් ප්රධාන මාණ්ඩලික ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
තවද, එදිනම (7) යාපනය දිස්ත්රික් ලේකම්තුමන් හමුවු ආරක්ෂක සේනා අඥාපති - යාපනය කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය, සිවිල්-හමුදා සම්බන්ධීකරණ ව්යාපෘති, ඉඩම් නිදහස් කිරීමේ ක්රියාවලිය සහ යාපනය අර්ධද්වීපයේ සංහිඳියා ක්රියාවලිය සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළේය.
තවද එම සාකච්ඡාවේදී නීතිවිරෝධී දැව කැපීම, වැලි ගොඩදැමීම, මත්ද්රව්ය ජාවාරම පිළිබඳව ද සාකච්ඡා කළ අතර දිස්ත්රික් ලේකම්තුමන් යුද්ධ හමුදාව විසින් සිදුකරන වැඩපිළිවෙල අගය කළේය.
මෙම අවස්ථාවට 51 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බ්රිගේඩියර් ප්රධාන මාණ්ඩලික, 512 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.