08th January 2022 10:15:56 Hours
පුනරීන් ප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංකය යටතේ ඇති 661 වන බලසේනාවේ භටපිරිස් හැටන් නැෂනල් බැංකුවේ අනුග්‍රහය ඇතිව තවත් සිවිල්-හමුදා සහයෝගීතා ව්‍යාපෘතියක් ඉකුත් අඟහරුවාදා (4) දින ක්‍රියාත්මක කරන ලදී.
පරමන්කීරෙයි දෙමළ මිශ්‍ර විද්‍යාලයේ පැවති පරිත්‍යාග වැඩසටහනේදී ප්‍රදේශයේ පාසල් 10 ක තෝරාගත් සිසුන් 100 දෙනෙකුට පාසල් උපාංග සහ පොත්පත් ඇතුළු තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කරන ලදී.
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් පාසල් සිසුන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදුන්හ.
ආරක්‍ෂක සේනා මූලස්ථාන - මුලතිව් සහ 66 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ. වැඩසටහන පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.