06th January 2022 04:00:45 Hours
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ ගේ මගපෙන්වීම යටතේ භටපිරිස් විසින් ඉකුත් සඳුදා (3) දින වෙල්ගම්වෙහෙර ප්‍රදේශයේ විවිධ දූෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත සහ ත්‍රිකුණාමලය නගරයේ වෙසෙන දූගී ජනතාව සඳහා දිවා ආහාර පාර්සල් 175 ක් බෙදාදෙන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායම් වශයෙන් එක්ව පිසූ ආහාර පාර්සල් ප්‍රදේශයේ විවිධ ස්ථානවල රැදි සිටි එම පුද්ගලයින් සඳහා බෙදාදුන්නේය. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙම වැඩසටහහන සඳහා අනුග්‍රහකත්වය දක්වන ලදී.
මෙම ප්‍රජා ව්‍යාපෘතිය පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.