Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2022 05:53:36 Hours

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා මූලස්ථානය විසින් ඝන සහ දියර කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට උනන්දුවක් දක්වන සිවිල් වැසියන් දිරිමත් කිරීම සහ ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින් ‘කෙවේලි සෙල්වර් පාක්‍යලිංගම්’ ගොවිපලේදී පසුගිය බ්‍රහස්පතින්දා (30) දින විශේෂ වැඩමුළුවක් පැවැත්විණි.

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ විශේෂඥයින් විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව සඳහා 682 වන බලසේනා බලප්‍රදේශයේ වෙසෙන ගොවීන් 18 දෙනෙකු සහ එම මූලස්ථාන පරිශ්‍රයේ සිදුකරනු ලබන පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ.

මේ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ලබාදුන් උපදෙස් මත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය විසින් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය සිකුරාදා (24) දින කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද පැවැත්විණි.

එම සාකච්ඡාවට ගොවිජන සේවා නිලධාරීන් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් පිරිසක් ද එක්ව සිටියහ.