07th January 2022 15:00:22 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් දියත් කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතීන් තවදුරටත් වැඩිදියුණූ කරමින් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත 68 වන සේනාංක බලප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පුද්ගලයින් වෙත වියළි සලාක පාර්සල් සහ ඇස් කණ්නාඩි බෙදාදුන්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ සම්බන්ධීකරණය හා පරිත්‍යාගශීලී ප්‍රගලිත පුෂ්පකුමාර මහතාගේ අනුග්‍රාහකත්වය මත අවශ්‍යතා සහිත පවුල් වෙත බෙදාදුන් වියළි සලාක පාර්සල් සහල් කිලෝග්‍රෑම් 05 ක්, සීනි කිලෝග්‍රෑම් 01 ක්, පරිප්පු කිලෝග්‍රෑම් 01 ක් සහ බිස්කට් පැකට්ටුවකින් සමන්විත වූ අතර මෙම වැඩසටහන යටතේ වියළි සලාක පාර්සල් 60 ක් ද බෙදාදුන්හ.
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ උපදෙස් මත 682 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
682 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය සඳුදා (03) දින පැවති මෙම පරිත්‍යාග වැඩසටහනට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී වුවේය.
මෙම ප්‍රජා මූලික වැඩසටහන අතරතුර දෘෂ්‍යාබාධිත සහ වෙනත් දෘෂ්ඨි සංකූලතා සහිත සිවිල් වැසියන්ගේ අවශ්‍යතාවය සඳහා ජංගම අක්‍ෂි සායනයක් පැවැත්වූ අතර ඒ සඳහා ද භටපිරිස් සිය සහයෝගය දැක්වූහ. එම වැඩසටහන සඳහා ‘Vision Care Pvt Ltd’ ආයතනය සිය අනුග්‍රාහකත්වය දැක්වීය.
මෙම අක්‍ෂි සායනය සඳහා සහභාගී වූ කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන් සඳහා 682 වන බලසේනාවේ භටපිරිස් විසින් අවශ්‍ය පහසුකම් මෙන්ම ආහාරපාන ද ලබාදුන්හ.
මෙම ප්‍රජා මූලික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් වසන්ත පාලමකුඹුර, 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්ති, 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් හෙට්ටිආරච්චි, සිවිල් සම්බන්ධීකරණ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සිය දායකත්වය දැක්වූහ.