Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2022 13:00:35 Hours

අවශ්‍යතා සහිත පවුල් 32 ක් වෙත වියළි සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් නව වසරේ උදාව සහ නත්තල් දිනය සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා (31) දින මුලතිව් ප්‍රදේශයේ පිහිටි භාරතීපුරම් ශාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රයේදී වියළි සලාක පරිත්‍යාග කරන ලදී. අවශ්‍යතා සහිත පවුල් 32 ක් වෙත මෙලෙස බෙදාදුන් එක් වියළි සලාක පාර්සලයක වටිනාකම රුපියල් 1500.00 ක් පමණ විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ පුද්ගලික සම්බන්ධීකරණය මත විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙම පරිත්‍යාග වැඩසටහනට සිය මූල්‍යමය අනුග්‍රාහකත්වය සපයනු ලැබිණි.

එම පරිත්‍යාගශීලියාගේ අනුග්‍රාහකත්වය මත මෙම අවස්ථාවේදීම නත්තල් සීයා විසින් ප්‍රදේශයේ ළමුන් අතර ත්‍යාග පාර්සල් බෙදාදීමට ද කටයුතු කෙරිණි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

මෙම පරිත්‍යාග වැඩසටහන සමඟින් 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.බී.ආර්. ප්‍රසන්න සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ද එක්වූහ.