Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2022 08:00:35 Hours

54 වන පාබල සේනාංකයේ භටපිරිස් දුම්රියක් තුළ තිබි අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගනී

54 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2022 ජනවාරි මස 08 වන දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් අඩංගු පාර්සලයක් සොයාගන්නා ලදී.

තලෙයිමන්නාරමේ සිට මැදවච්චිය දක්වා ධාවනය වන දුම්රිය මන්නාරම, තොඩ්ඩාවේලි දුම්රිය ස්ථානයේදී සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී එම දුම්රියේ මැදිරියක දමා ගිය හඳුනා නොගත් බෑගයක තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගන තිබේ.

සිද්ධිය සම්බන්ධ සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර රුපියල් මිලියන 3.5 කට අධික වටිනාකමින් යුත් මෙලෙස සොයාගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය පාර්සලය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදෙන ලදී.