06th January 2022 05:48:45 Hours
පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නව වසරේ වැඩ ආරම්භ කරන පළමු දිනය (ජනවාරි 3) සනිටුහන් කරමින් එම මූලස්ථානයේ චාම් උත්සවයක් පැවැත්විණි. එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා ධජය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගායනා කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්. පොන්නම්පෙරුම ද එක්ව සිටියේය.
ඉන් අනතුරුව, මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.
එම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කපිතන් ආර්.එම්.සී.එස්. රාජපක්‍ෂ විසින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳ කාලීන දේශනයක් පැවැත්වූවේය. එම දේශනය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.
කොවිඩ් - 19 වෛරසය හමුවේ 2021 වර්ෂයේ පුද්ගලයින් වෙත එන්නත් ලබාදීම සහ දෙවන මාත්‍රාවන් ලබාගත් පුද්ගලයින් වෙත තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන් සීඝ්‍රයෙන් ක්‍රියාත්මක කිරීම මෙන්ම 2022 වර්ෂයේ ජාතික සංවර්ධන වැඩසටහනේ දී දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ පරමාර්ථය පෙරදැරිව කාබනික කෘෂි කර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගොඩබිම් ජලය සහ හිරු එළියෙන් පෝෂණය වන ස්වභාවික සම්පත් භාවිතයට ප්‍රමුඛත්වය දීම වැනි කරුණු පිළිබඳව එම දේශනයේදී පැහැදිලි කෙරිණි.
ඒ අනුව, අපේක්‍ෂිත අරමුණු ඉටුකරගැනීම සඳහා 2022 වර්ෂයේ රාජකාරී ආරම්භ කරන පළමු දිනයේ (සඳුදා 03) සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජය උපදෙස් ලබාදී ඇති බව ද එහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණි.
ඉන් පසුව, සියලුනිලයන් විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ භටපිරිස් අමතමින් රාජකාරි ස්වභාවය, කොවිඩ් - 19 වෛරසය හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය සහ හරිත කෘෂිකර්මාන්තයේ වැදගත්කම වැනි කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිලි කළේය.
මෙම වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය බටහිර සේවයේ නියුතු සියලු නිලයන්ගේ සහභාගිත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණු අතර එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සියලුනිලයන් සමඟ සුහද කතාබහක ද නිරත වූවේය.
මේ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ගේ ප්‍රධානත්වයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ද නව වසරේ වැඩ කරන පළමු දිනය වෙනුවෙන් පසුගිය සඳුදා (3) දින හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහනක් සංවිධානය කර තිබිණි.
එහිදී, මානුෂිය මෙහෙයුමේදී දිවිපිදූ විරෝදාර රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව යුද්ධ හමුදා ධජය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ධජය එසවීම සිදුකළහ. ඉන් අනතුරුව, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කරන ලදී. පසුව, සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීමෙන් අනතුරුව නව වසර වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කළ පණිවිඩය ඉදිරිපත් කරන ලදී.
මෙම උත්සවය අතරතුර, භටපිරිස් අමතමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි නව වසරේ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් සිය විනය සහ වෘත්තීය නිපුනත්වය ඉහළ මට්ටමෙන් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.
තවදුරටත් සිය දේශනය ඉදිරිපත් කරමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස භටපිරිස් වෙත උපදෙස් ලබාදුන්නේය.
මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ද පවත්වන ලදී.
මේ අතර, යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිකුත් කරනු ලැබූ උපදෙස් වලට අනුකූලව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙතින් නව වසරේ වැඩ කරන පළමු දිනය සනිටුහන් කරමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ධජ එසවීම, ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම, මවුබිම වෙනුවෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීම සහ නව වර්ෂය සඳහා වන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම මෙම උත්සවයේ ප්‍රධාන අංගයන් විය.
එහිදී, නව වසර වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ යුද්ධ හමුදාවට පැවරී ඇති නව වගකීම් පිළිබඳ සලකා බලා නව වසරේ අඛණ්ඩ කැපවීමෙන් කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන්නේය. තවදුරටත් සිය අදහස් දක්වමින් යුද්ධ හමුදාවේ ගෞරවය ආරක්‍ෂා කරමින් ඉහළම මට්ටමින් විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් සිහිපත් කළේය.
තවද, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා සියලුදෙනා කැපවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් පැහැදිලි කළේය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ගේ දේශනයෙන් අනතුරුව තවත් දේශනයක් පවත්වමින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු පිළිබඳව ද භටපිරිස් දැනුවත් කරන ලදී.