Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2022 05:49:11 Hours

කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කඳවුරේ කජු පැළ රෝපණය කෙරේ

විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමින් අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වනවිට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් පසුගිය බදාදා (29) දින කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කඳවුරු පරිශ්‍රය තුළ කජු පැළ 700 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ.පී.පී.කේ හේවාවසම් ගේ උපදෙස් පරිදි සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාරම්භක අදියර යටතේ අක්කර 3ක භූමි ප්‍රමාණයක් තුළ කජු පැළ 210 ක් රෝපණය කරන ලදී. ශ්‍රී ලංකා කජු සංස්ථාවේ අනුග්‍රාහකත්වය මත තවත් අක්කර 7 ක් තුළ ඉතිරි කජු පැළ රෝපණය කිරීමට නියමිතව ඇත.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් කේ.ඩී. ගොරකපිටිය ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනේ ප්‍රථම පැළ 210 රෝපණය කිරීමේ අවස්ථාව සඳහා කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කඳවුරේ සියලුනිලයන් සිය දායකත්වය දැක්වූහ.