06th January 2022 05:54:09 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාර ව්‍යාපෘතිවල තවත් එක් අදියරක් පසුගිය ඉරිදා (02) දින ක්‍රියාත්මක කරමින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි ‘භාරතී’ සහ ‘ලදනි’ ළමා නිවාසවල නේවාසික දරුවන් 115 දෙනෙකුට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී.
59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඩී. සූරියබණ්ඩාර ගේ සම්බන්ධීකරණය මත රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘Loved Charity’ සංවිධානය වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ සුරතින් 592 වන බලසේනාව යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිය බලප්‍රදේශයේ ස්ථාපිත ‘භාරතී’ ළමා නිවාසයේ නේවාසික ගැහැනු ළමුන් 101 දෙනෙකු හා එම ළමා නිවාසයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනෙකු සහ 591 වන බලසේනාව යටතේ ස්ථාපිත 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ‘ලදනි’ ළමා නිවාසයේ නේවාසික ගැහැනු ළමුන් 15 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 05 දෙනෙකු වෙත මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.
මෙම වැඩසටහන යටතේ යුද්ධ හමුදා භටපිරිස් විදුලි උපකරණ, ඇඳුම් සහ වියළි සලාක පාර්සල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.
‘Loved Charity’ සංවිධානයේ කළමණාකාර පසිඳු මහතා සහ සැරයන් ජේ.පී. ලියනගේ ගේ සම්බන්ධීකරණය මත ‘භාරතී’ ළමා නිවාස පරිශ්‍රයේදී පැවැත්වූ මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඩී. සූරියබණ්ඩාර, 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරා, 592 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ආරච්චිගේ සහභාගී වූහ.
592 වන බලසේනාව යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් එන්.ඒ.අයි.පී.කේ. ගමගේ විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබූ අතර එම උත්සවය අවසානයේ සහභාගී වූවන් වෙනුවෙන් කෙටි ආහාර වේලක් ද ලබාදුන්හ.