05th January 2022 08:52:39 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය වෙනුවෙන් පවත්වනු ලබන මුලික ක්ෂේත්‍ර ඉංජිනේරු ක්‍රමවේදයන් සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාවේ සමාරම්භක උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින වවුනියාව ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකා මූලස්ථානයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය විසින් කාන්තා සෙබළියන් වෙනුවෙන් පවත්වනු ලබන පළමු මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව ද මෙය වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනාගත අභිවෘද්ධිය සඳහා අපේක්‍ෂිත ඉලක්ක සපුරාගැනිමේ අරමුණින් පුරා සති 3 කට අධික කාලයක් පැවැත්වීමට සැලසුම් කර ඇති මුලික ක්ෂේත්‍ර ඉංජිනේරු ක්‍රමවේදයන් සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් 2 ක් සහ සෙසුනිලයින් 30 ක් සහභාගි වූහ.
මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.පී. ජයසිංහ සහභාගී විය. තවද, මෙම අවස්ථාවට ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.