Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2022 09:01:07 Hours

12 වන සේනාංකයේ භටපිරිස් අලුත්වෙල ප්‍රදේශයේ ගංජා හේනක් වටලයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව අළුත්වෙල ප්‍රදේශයේ ගංජා පැළ 30,000 කට අධික ප්‍රමාණයක් වගාකර තිබු ගංජා හේනක් ඉකුත් සෙනසුරාදා (02) දින වටලන ලදී.

මෙම හදිසි වැටලීම 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ ගේ අධීක්‍ෂණය යටතේ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් සිදුකරන ලදී.

මෙම වැටලීම පිළිබඳව කුඩාඔය පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.