Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2022 08:57:08 Hours

6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් අනාරක්‍ෂිත වැව් බැම්මක් ප්‍රතිසංස්කරණය කරයි

අධික වර්ෂාපතනය හේතුවෙන් බක්මීගම ග්‍රාම නිලධාරී වසමේ බක්මීගම වැවේ ජල මට්ටම ඉහළ ගොස් වැව් බැම්මේ හදිසියේ ඇති වූ ජල කාන්දුවීමක් පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වු 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස් වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරිමට ඉකුත් සිකුරාදා (31) දින කටයුතු කළහ.

මේ පිළිබඳ දැනුම්දිමෙන් අනතුරුව 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ ගේ උපදෙස් මත 223 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ භටපිරිස් කඩිනමින් එහි ප්‍රතිංසස්කරණ කටයුතු සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා 223 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නදීක කුලසේකර, 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් පී.ඒ.ආර්. විජේරත්න ඇතුළු එම එකකයේ භටපිරිස් සහභාගී වූහ.