31st December 2021 21:30:39 Hours
663 වන බලසේනාවේ භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි කිරංචි සහ පොන්නවේලි ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී කාන්තාවන් 50 දෙනෙකු වෙනුවෙන් පෝෂණ ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (23) දින මුලතිව් කිරංචි ප්‍රජා ශාලාවේදී ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන සඳහා ලසන්තිකා අංකුඹුර මහත්මිය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කපිතන් එන්.ඒ.එච්.අයි. මදුමාධව විසින් සිය අනුග්‍රාහකත්වය දක්වනු ලැබූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ජිත් හැන්නදිගේ සහභාගී වූවේය. මෙලෙස බෙදාදුන් එක් පාර්සලයක වටිනාකම රුපියල් 4000.00 ක් පමණ වූ අතර එම පාර්සල් පෝෂ්‍යදායී ආහාර වර්ග, මදුරු දැල්, ළදරුවන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා කරන උපකරණ ඇතුලු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකින් සමන්විත විය.
මෙම අවස්ථාවට වැඩමවා වදාළ වැලිකන්ද මොණරතැන්න විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය මෙත්තාලංකාර හිමිපාණන් විසින් ‘සෙත් පිරිත්’ සජ්ඣායනා කර ආශිර්වාද එක්කළ අතර ඔවුන්ගේ සුවදුක් පිළිබඳව ද විමසා බැලුවේය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සහ 663 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාව සඳහා 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් බී.ඩබ්ලිව්.අයි. බාලසූරිය ඇතුලු එම ඒකකයේ සෙසුනිලයින් පිරිසක් ද එක්ව සිටියහ.