Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 22:00:39 Hours

සිරස මාධ්‍ය ජාලයේ අනුග්‍රාහකත්වය මත 14 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉදිකල නව නිවස නිවාසලාභීන්ට

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ උපදෙස් මත 613 වන බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 14 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් ඉමදුව, වටවන ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් සිරස මාධ්‍ය ජාලයේ ‘සිරස නිවාස’ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය මත නව නිවසක් ඉදිකරන ලදී.

දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු එස්.පී. ජාලිය නිශ්ශංක මහතාගේ ජිවන තත්ත්වය පිළිබඳ අවධානය යොමුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අවම පිරිවැයකින් නව නිවස ඉදිකිරීම සදහා අවශ්‍ය ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යුද්ධ හමුදාව වෙතින් ලබාදෙන ලදී.

‘සිරස නිවාස’ ව්‍යාපෘතිය මගින් ලබාදුන් ප්‍රතිපාදන මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ අධික්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් සිය ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් නව නිවසේ ඉදිකිරිම් කටයුතු සාර්ථකව නිම කරන ලදී.

61 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත මෙම නිවස ඉදිකිරීම් කටයුතු සඳහා 14 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

නව නිවස විවෘත කිරීමේ උත්සවය පසුගිය බදාදා (29) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙනුවෙන් 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහභාගි විය. තවද, එම අවස්ථාවට එම්.ටී.වී/එම්.බී.සී, මාධ්‍ය ජාලයේ ප්‍රධානි නීඩ්‍රා වීරසිංහ මහත්මිය ද සහභාගී වූවාය.

එලෙස ඉදිකරන ලද නව නිවස ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනුග්‍රාහක භවතුන්ගේ සුරතින් සමරුඵලක නිරාවරණය කර පොල්තෙල් පහන් දල්වා චාරිත්‍රනුකූලව සුභමොහොතින් විවෘත කරන ලදී. එම උත්සවය අතරතුරදී, ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනුග්‍රාහක භවතුන් විසින් නිවාසලාභින්ට ත්‍යාග ද ප්‍රදානය කරන ලදී.

එම අවස්ථාවට සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා, සිරස ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධානී සජිත් රත්නායක මහතා, ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් තුෂාන් ගනේපොල, 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු, 14 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි, 61 වන සේනාංකයේ සහ 613 වන බලසේනාවේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සිරස නිවාස ව්‍යාපෘතියේ නිලධාරින්, නිවාසලාභි පවුල්වල සාමාජිකයින් සහ ප්‍රදේශවාසින් සහභාගි වුහ.

මෙම ව්‍යාපෘතියේ පිරිවැය අඩුකරගැනීමේ අපේක්‍ෂාවෙන් අනුග්‍රාහක භවතුන් විසින් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම යුද්ධ හමුදාධිපතිතුමන් වෙතින් ඉල්ලා සිටියහ. ඒ අනුව, එම ව්‍යාපෘතිය වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් සිය සහයෝගය දක්වති.