Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2022 09:23:53 Hours

යුද්ධ හමුදා රෝහල වෙත පුද්ගලික ආරක්‍ෂක උපකරණ පරිත්‍යාගයක්

යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් අද (03) දින උදෑසන යුද්ධ හමුදා රෝහලේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා සංගමය, එක්සත් රාජධානියේ Midwest and Medsurplus United with John’s Hopkins Healthcare Systems ආයතනය සමඟ එක්ව කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව විසින් සිදු කරනු ලබන කාර්යභාරය මෙන්ම එවකට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉටුකරනු ලැබූ කාර්යභාරය වෙනුවෙන් කෘතවේදීත්වය පළකරමින් ඇමරිකානු ඩොලර් 200,000 ක පමණ වටිනාකමකින් යුත් මෙම පරිත්‍යාගය ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිදුකරනු ලැබූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය ඇතුලු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සාමාජිකාවන් කිහිපදෙනෙකු විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.එම්.සී අත්තනායක වෙත මුඛ ආවරණ පෙට්ටි 812 ක්, මුහුණු ආවරණ, ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ කට්ටල, කබා, අත්වැසුම් ආදී පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මඟින් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම පුද්ගලික ආරක්‍ෂක උපකරණ දිවයින පුරා පිහිටි අවශ්‍යතා සහිත රෝහල් වෙත බෙදාහැරීමට කටයුතු සංවිධානය කර ඇත.

නව වසරේ වැඩකරන පළමු දිනයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් රෝහල් බලධාරීන් වෙත පුද්ගලික ආරක්‍ෂක උපකරණ පරිත්‍යාග කිරීමට ප්‍රථම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාලයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් එහිදී නව අවුරුදු සුබපැතුම් හුවමාරු කරගනිමින් තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්වූහ.

මෙම අවස්ථාව සඳහා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් බ්‍රිගේඩියර් පී.ඒ.සී. ප්‍රනාන්දු, යුද්ධ හමුදා රෝහලේ කළමණාකරන හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් තුෂාර බාලසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.