31st December 2021 11:30:29 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් නත්තල් දින (25) සුගන්ධිපුරම් ජනපදයේ පෙර පාසල් දරු දැරියන්ට පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් දියත් කරන ලදී.
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම ප්‍රදේශයේ පවුල්වල ජනතාව අත්විදින ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය යොමුකළ පරිත්‍යාගශීලී ඩබ්ලිව්.එම්.සී.යූ පත්බේරිය මහතා එම පවුල්වල දරු දැරියන්ට මෙලෙස පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්හ.
මෙම වැඩසටහන 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් පෙර පාසල් ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලදී.
මෙලෙස පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයට 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් හෙට්ටිආරච්චි, 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.සී.ඩි.ඩි. කුමාර, 6 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් එච්.එම්.ආර්. හෙන්නිනායක ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වුහ.