Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 11:20:29 Hours

66 වන සේනාංකයේ මුලිකත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක්

පුනරින් ශාන්ත මරියා දේවස්ථාන පරිශ්‍රයේදී ඉකුත් අඟහරුවාදා (28) දින විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පැවැත්විණි. දේවස්ථානයේ පියතුමන්ලා ලබාදුන් උපදෙස් මත 66 වන සේනාංකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම කැරොල් ගී ප්‍රසංගයේ සමාරම්භක අවස්ථාවට 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගේ සුවිශේෂී ආරාධිතයෙක් ලෙස සහභාගි වූවේය. එම උත්සවය වර්ණවත් කරමින්, ශාන්ත මරියා දේවස්ථානයේ සහ ශාන්ත ආනා දේවස්ථානයේ කැරොල් ගීතිකා කණ්ඩායම් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් 4 දෙනෙකු සමඟ එක්ව නත්තල් කැරොල් ගී ගායනා කළහ.

එහිදි, ගරු සුලක්‍ෂණ පියතුමන් විසින් නත්තල් පණිවිඩය කියවු අතර සිංහල, දමිල සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නත්තල් කැරොල් ගී ගායනාවන්ද සිදුකෙරිණි.

මෙම උත්සවය තුලින් ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ හින්දු සහ ඉස්ලාමිය පූජකවරුන්ද එම අවස්ථාවට සහභාගි වුහ. ප්‍රදේශයේ ජනතාව අතර සහජීවනය සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.