Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2021 13:18:06 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය 55 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරයක

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා ඉකුත් සඳුදා (27) දින කඩෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි 55 වන සේනාංක මුලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරමින් එම සේනාංකයේ භටපිරිස් ඇමතූවේය.

55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ඥාණරත්න විසින් එම සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පිළිගත්තේය. ඉන් අනතුරුව, ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් එතුමන් වෙත පිරිනැමුවේය.

මෙම සංචාරය සනිටුහන් කරමින් එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ කුඹුක් පැළයක් රෝපණය කළ නව ආඥාපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනීසිටියහ. ඉන් අනතුරුව, සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා එක් වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

ඉන් අනතුරුව, 55 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම සේනාංකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය දැනුවත් කළේය. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා 551, 552 හා 553 වන බලසේනා සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල මෙන්ම පෙරියපච්චපලෙයි බළඇණි පුහුණු පාසලේ සංචාරය කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ.