Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2021 15:00:06 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි දෙසැම්බර් මස 26 සහ 27 දෙදින පුරා සිය බලප්‍රදේශයේ ස්ථාපිත 231 වන බලසේනාවේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචරයක නිරත විය.

231 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්, එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලුප බණ්ඩාර විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය භටපිරිස් විසින් එතුමන් වෙත පිරිනැමුවේය. ඉන් අනතුරුව, නව ආඥාපතිතුමන් භටපිරිස් ඇමතූවේය. පසුව, බලසේනාවේ සහ ඒකකයන්හි කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ බලසේනාධිපතිතුමන් සහ අණදෙන නිලධාරින් විසින් ආඥාපතිතුමන් දැනුවත් කෙරිණි.

මෙම සංචාරය සනිටුහන් කරමින් නව ආඥාපතිතුමන් බලසේනා මුලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබුවේය.

ඉන් අනතුරුව, නව ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ ස්ථාපති 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය. එහිදි, එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය.

නව ආඥාපතිතුමන් පසුදින (27) උන්නච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බළඇණියේ සංචාරයක නිරත විය. එහිදී, ආඥාපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුද කළේය.

මෙම සංචාරයන් සනිටුහන් කරමින් ආඥාපතිතුමන් එම බළඇණි මුලස්ථාන පරිශ්‍රයන්හි පැළ ද රෝපණය කළේය.

මෙම සංචාරය සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 231 වන බලසේනාවේ බලසේනාධිපති, 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.