Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2021 09:52:42 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ පැවැති උපකරණ පාලක නිලධාරි පාඨමාලා අංක - 4 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථානයේ උපදෙස් මත යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේදී 2021 අගෝස්තු මස 23 දින සිට 2021 දෙසැම්බර් මස 14 දින දක්වා පැවැති උපකරණ පාලක නිලධාරි පාඨමාලා අංක - 04 සාර්ථකව අවසන් කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ විවිධ රෙජිමේන්තුවලට අයත් නිලධාරින් 25 දෙනෙකු යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලය විසින් පැවැත්වු උපකරණ පාලක නිලධාරි පාඨමාලාව අංක - 04 සාර්ථකව අවසන් කර උපකරණ පාලක නිලධාරින් ලෙස විසිර ගියහ.

විසිර යන නිලධාරින්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය දෙසැම්බර් මස 14 දින පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක සහභාගි විය.